නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

නිර්මාතෘවරු

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg

             

                           ශ්‍රි බු.ව. 2471 දී නාගොල්ලාගොඩ ග්‍රාමය තුළ නාගොල්ලාගොඩ  මධ්‍ය මහා විදයාලය ආරම්භ කිරීම සදහා මුල්ම ගොඩනැගිල්ල සෑදීම පිණිස කුරුදුපාත ග්‍රාමයේ විසූ ධනවතෙක් වූ එච්.පී. බයියා වෙදතැන විසින් මුදලින් රුපියල් 3000ක් පරිත්‍යාග කර ඇත. එපමණක් නොව, බයියා වෙදතැන විසින් අක්කර 04ක භූමි ප්‍රදේශයක් ද පාසල සදහා පරිත්‍යාග කර ඇත.පසුව, ගම්වැසි සියළු දෙනාගේ සහභාගීත්වයෙන් සෑදුනු පොල් අතු සිවිලි කරන ලද මඩු වල දුවාදරුවන් අධ්‍යාපනයේ යෙදී  ඇති අතර මෙම ඉගෙනුම් කටයුතු ලබා දීමට ගුරුවරුන්ද යොදවා ඇත.මෙම ගුරුවරුන්ගේ වැටුප් ගෙවීම් සිදුකර ඇත්තේ ද බයියා වෙදතැනගේ පෞද්ගලික මුදලිනි.

                                       මෙහි මුල්ම සිසුවන් වී ඇත්තේ කේ.පී.බණ්ඩයියා හා එල්.සෝමසේකර යන අයෙක්ද වූ බවට තොරතුරු අනාවර්ණය වී ඇත.විෂයන් මූලික විසය ධාරාවට ඇතුලත්ව ගණිතය,සිංහල හා ආගම ඉගැන්වූ බව සදහන් වේ.අමතරව,ගැහැණු ළමුන් සදහා මල් වැවීම,අත් වැඩ හා මැහුම කලාවද,පිරිමි ළමුන් සදහා වතු වගාව,එළවලු වැවීම,ඉදල් කොසු සෑදීම හා පාපිසි සෑදීමද වේ.පසල් සිසුන් සදහා දිවා ආහාරය ගම් වාසීන් විසින් ස්වදායකත්වයෙන් සැපයූ බව කියවේ.