නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg
  • විදුහල් මාතාවගේ පැවැත්මටත් රටට වැඩ දායක පුරවැසියෙකු ලෙස ඔබ හැඩ ගැස්සීමටත් විදුහලේ නීති මාලාවක් සකස්කර ඇත.ඔබගෙන් දෙමාපියන්ගෙන්,ගුරුභවතුන්ගෙන් විදුහලේත් ගෞරවය හා හොද නම රැක ගැනීම සදහා පහත සදහන්ව ඇති නීතිවලට අනුකූලව ක්‍රියාකළ යුතුය.
  • නිවසින් පිටත් වීමට ප්‍රථම දෙමාපියන් නැමදිය යුතුය.
  • පෙ.ව.7.15 ට පෙර පාසලට පැමිණ පිරිසිදු කිරීම් කටයුතුවල යෙදිය යුතුය.
  • සියලුම සිසුන් පාසල නිමවන තෙක් තම පන්ති කාමරය තුළම රැදී සිටිය යුතු අතර කිසිදු හේතුවක් නිසා වෙනත් පන්තියක ක්‍රීඩා පිටියේ හෝ වෙනත් ස්ථානයක රැදී නොසිටිය යුතුය. අවශ්‍යතාවන් සදහා වෙනත් පන්ති කාමරයකට යන්නේ නම් අවසර ලබා ගත යුතුය.
  • සෑම කාලපරිච්ඡේදයක් අවසානයේම නියමිත ගුරුවරයා පැමිණෙන තුරු නිහඩව ඊළග විෂයයට සූදානම් විය යුතුය. විනාඩි 10 ක් තුළ අදාළ ගුරුවරයා නොපැමිණෙන්නේ නම් පන්ති නායක නායිකාව හෝ විෂය නායක නායිකාව විසින් අංශභාර ගුරුවරයාගෙන් විමසිය යුතුය.
  • නියමිත වේලාවලදී පමණක් ආපනශාලාවට යා යුතුය.
  • විෂයන් සදහා පන්තියෙන් බැහැරව යන විට සියලු දෙනාම පේලියට යා යුතුය.
  • විද්‍යාලීය ගීතය හා ජාතික ගීතය නිසි පරිදි ගායනා කළ යුතු අතර එවැනි අවස්ථාවලදී සීරුවෙන් සිට එයට ගරු කළ යුතුය.
  • පාසල් වේලාව තුල කවර හෝ බාහිර අයෙකු සමග සබදතා පැවැත්වීම තහනම් වේ.
  • පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට අදාල නොවන පුවත්පත් ඡායරූප , ලිපි, ජංගම දුරකථන, සංයුක්ත තැටි වෙනත් උපකරණ රැගෙන ඒම හා ළග තබා ගැනීම සපුරා තහනම් වේ. එබදු දෑ ළග තබාගෙන අසුවුවහොත් පාසලෙන් නිල වශයෙන් අස්වී යනතුරු ආපසු ලබා දෙනු නොලැබේ.
  • ඔබේ අස්වීමේ සහතිකය ,චරිත සහතිකය ආදිය ආදී සහතික ගැනීමට පැමිනෙන හැම විටකම මෙම ශිෂ්‍ය වාර්තා පොතද රැගෙන ආ යුතුය.
  • විවේක කාලය අවසන් වූ වහාම තම පන්ති කාමරයට පැමිණිය යුතුය
  • පාසල් භූමියේ ඇති සියලුම සම්පත් සුරැකීම හා නිරතුරුව පවිත්‍රව තබාගැනීමට කටයුතු කළ යුතුය.
  • පාසල අවසන් වන වාදන ඛණ්ඩය ඇසුනු සැනින් තම පන්ති කාමරය කරා පැමිණිය යුතුය.පසුව පාසල පැතුම් ගායනයට සවන් දී පන්තියේ සිටින ගුරුතුමාට ගුරුතුමියට ආචාර කොට පේළියට පිටත්ව යා යුතුය.
  • පාසල හැරයන සිසුන් සුදු පාසල් ඇදුමෙන් හෝ චාම් ඇදුමින් සැරසී පාසලට පැමිණිය යුතුය.
  • විෂයානුබද්ධ ක්‍රියාකාරකම් සදහා පාසල් වේලාවෙන් පසුව හෝ සති අන්තයේ පැමිණෙන්නේ නම් සම්පූර්ණ නිල ඇදුමෙන් සැරසී පැමිණිය යුතුය.