නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ටී.එම්.නාලිකා මෙනෙවිය
වයඹ පළාතේ කුරුනෑගල දිස්ත්‍රික්කයේ,කුලියාපිටිට්‍ය අධ්‍යාපන කලාපයෙ දහනැගෙදර කොට්ඨාශය තුළ කුලි/නාගොල්ලාගොඩ ම.ම.වි. වන අපේ පාසල ග්‍රාමීයද නොවූ නාගරිකද නොවූ ගැමිරික කලාපයට අයත් පාසලකි. සමාජ පරිසරය හා උපසංස්තීන් ගණනාවක එකතුවකින් ගොඩනැගී ඇති සාමකාමී පරිසරය ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලියට හිතකර වූ සමාජ පරිසරයක් ගොඩනැගී මෙබිම අප විද්‍යාලයට ලැබුණු දායාදයකි.
වර්තමානයේ පාසලේ නියමුවානන් ලෙස H.P.සුජීව බණ්ඩාර මහතා කටයුතු කරන අතර පරිපාලන නියෝජ්‍ය විදුහල්පති ලෙස D.A.H.J.රේනුකා මියද සංවර්දන නියෝජ්‍ය විදුහල්පති ලෙස S.A.C.සුබසිංහ මියද , විෂය සමගාමී නියෝජ්‍ය විදුහල්පති ලෙස T.M.නාලිකා මියද කටයුතු කරයි.විද්‍යාලයේ ගුරුභවතුන් 32 ක් හා අනද්‍යන කාර්ය මණ්ඩලයේ 12 ක්ද සේවය කරයි. පළැමුවන ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අප පාසලේ වර්තමාන ශිෂ්‍ය සංඛ්‍යාව 600 ක් පමණ සිටී.උසස් පෙළ කලා හා වාණිජ අංශ ක්‍රියාත්මක වන අතර ශිෂ්‍යත්ව,අ.පො.ස. සාමන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ඉහළ ප්‍රතිඵල ලබා ගන්නා කීර්තිමත් පාසලකි.
මහින්දෝදය විද්‍යාගාරය,පුස්තකාලය,නර්තනාගාර,ග විද්‍යා අංශය, සංගීත අංශ ආදී සම්පත් වලින් අනූන පාසලකි.වර්තමානයේ චිත්‍ර,නර්තන,රංගකලා හා වෙනත් විෂය සමගාමී ක්‍රියාකාරකම් වලදී අප පාසලේ දරුවන් විෂිශ්ට දක්ශතා දක්වමින් විවිධ ජයග්‍රහණ මගින් පාසලට කීර්තියක් අත්පත් කර දෙයි.
වත්මන් විදුහල්පතිතුමාගෙ මගපෙන්වීම මත ගමන් කරන අප පාසල කලාපයේ කිර්තිමත් පාසලක් බවට පත්වී ඇත.
ටී.එම්.නාලිකා මෙනෙවිය
නියෝජ්‍ය විදුහල්පති ( විෂය සමගාමී )
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය.








