නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

කුලියාපිටිය

නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය

All island drama competiton. Provincial round

2023 සමස්ත ලංකා නර්තන තරගය්

2023 ටවර්හෝල් සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලිය

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
School-Students-who-Benefit-from-the-Sri-Lankan-Education-System-and-its-Evolution.jpeg
IMG-20230328-WA0087.jpeg

විදුහල්පති පණිවිඩය

එච්.පී.එස්.ඒ.බණ්ඩාර

                   පාසල යනු තවත් එක් ආයතනයක් නොවේ.එය දහසක් දරු දැරියන්ගෙ චර්යාමය වෙනස්කම් වලට බලපෑම් කරන දැනුම,ගුණ ධර්ම,මෙන්ම යහපත් ජීවන රටාවකට ළමා මනස හැඩගන්වන තෝතැන්නකි.ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ඉගෙනීම සදහා ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ ඉගෙනුම් පරිශ්‍රයන් සහ ඉගෙනුම් පරිසරයෙක් සැපයීමේ අරමුණින් සැලසුම් කරන ලද ආයතනයක් ලෙස පාසල හැදින්විය හැකිය.

                  ශිෂ්ටාචාරයකට පදනම දමනු ලබන්නේ අධ්‍යාපනය මුල් කරගෙනය.අතීතයෙ සිටම විධිමත් පාසල් පැවතුනද වසර ගණනක් මුලුල්ලේ සිට අධ්‍යාපන පද්ධතිය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත.

                  කුරුණෑගල දිස්ත්‍රික්කයේ,කුලියාපිටිට්‍ය අධ්‍යාපන කලාපයෙ දහනැගෙදර කොට්ඨාශය තුළ කුලි/නාගොල්ලාගොඩ ම.ම.වි. ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස ජනප්‍රියව ඇත.ප්‍රදේශයේ දූ දරුවන් මෙන් අවට ගම් නගර වල දූ දරුවන් ද අප පාසල වෙත අධ්‍යාපනය හැදෑරීමට පැමිණෙන අතර ඔවුන් පාසල පිළීබද නිවැරදි දැක්මක් හා ආකල්පයක් තිබේ.දරුවන්ට අධ්‍යාපනය මෙන්ම විනය,හික්මීමා ආදී සමාජයක් තුළ ගෑවසීමට අව්ශ්‍ය ස්වයං අඩිතාලම අප පාසල තුලින් ලබා දුන්නෙමු.

                 දරුවෙකු යහපත් පුරවැසියෙකු ලෙස සමාජය තුළට දායාද කිරීමට අප පාසලෙහි සේවය කරන ආචාර්ය මණ්ඩලයේ සියලුම මහත් ම මහත්මීන් මහත් වූ වෙහෙසක් දරයි.දරුවන්ගේ දෙනෙත් යහපත් ධනාත්මක ආකල්ප වලින් විවෘත කරවීමට පාසලේ ඇදුරු මඩුල්ල පාසලේ පරිපාලනයට දක්වන සහයෝගයද මා ඉතා අගයකොට සලකමි.පාසලේ දරුවන් සියලු දෙනාම යහපත් ගුණ ගරුක දරුවන් පිරිසක් සේම,දැනුමැති පිරිසක් බවට පත්වනවා දැක්ම අප සියල්ලගේ අපේක්ශාවය.ඒ වෙනුවෙන් අප පාසලේ සිටින සියලු දෙන ඇප කැපවී ක්‍රියා කරන බව දැකිය හැක.අධ්‍යාපනික හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් අනුසාරයෙන් පාසල තුලදී ලබන්නා වූ ඉගෙනුම්  ක්‍රියාවලියෙන් සිසුන්ගේ  සහජ හැකියා හා දක්ෂතා බවට පත් කරගෙන නාගොල්ලාගොඩ ප්‍රදේශයට පමනක්ම නොව මුලු මහත් වූ සමාජයට කීර්තියක් අත් කර දීමට අප පාසලේ සිසු දරු දැරියන්ට හා ගුරු මණ්ඩලයට හැකිවේවාය ප්‍රාර්තනා කරමි.එසේම පාසලද දිනෙන් දින දියුණු වී දරුවන්ට අධ්‍යාපන  නිසි ලෙස ලබා ගැනීමට හැකි නව පහසුකම් ලැබී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියවලිය සාර්තකව සිදු කර ගැනීමට හැකි වේවාය බලාපොරොත්තු වෙමි. 

එච්.පී.එස්.ඒ.බණ්ඩාර
විදුහල්පති
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය.