පෞරාණික වටිනාකමකට හා මනරම් පරිසරයකට උරුමකම් කියූ වයඹ ඇතුගල් පුරවරයේ පඩුවස්නුවර රාජධානියේ නාගොල්ලාගොඩ ග්‍රාමයේ ව/පඩු/නාගොල්ලාගොඩ විදු මවු පින් බිමේ දශක ගණනක අතීතය වත්මන් පරපුරට උරුම කරන්නට ගත් වෑයමේ ප්‍රතිඵල මෙසේ සටහන් කරමු.
සශ්‍රිකත්වයෙන් පිරිපුන් වූ නාගොල්ලාගොඩ නම් මෙම ප්‍රදේශය නා ගස් බහුල බැවින් එහි සිසිලස මැනවින් විදහා පෑවේය.එවකට රජ කළ වළගම්බා නම් නිරිදුන් සොදුරු තැන් සොයමින් වීදි සංචාරයේ යෙදෙමින් සිටියදී එතුමන් නෙත ගැටුනේ නා ගසක් තිබුනු ගොඩනැගිල්ලකි.එබැවින් මේ ගම් පියසට නාගොල්ලාගොඩ යැයි නම් පට බැදුනි.එහි පන්සලක් ඉදි විය.මේ වන විටත් නාගොල්ලාගොඩ ග්‍රාමය සතු පාසලක් නොවීය.කාලයාගේ ඇවෑවෙම් උඩවෙල හා දහනැගෙදර පාසල් කරා මෙම ළමුන් යොමු විය.පසුව ඇතිවූ විවිධ භේද නිසා පාසලක අවශ්‍ය තාව තදින් දැනුනි.ඉන් පසු ගමේ පන්සල් මඩුව ගැමි දරුවන්ගේ නැණ පහදන මුල්ම කේන්ද්‍රස්ථානය විය.එකල මෙම භාරධූර කටයුත්ත භාරව සිටියේ විනය ජෝනි නම් හිමිනමක් බව පුරාතයේ සදහන් වෙයි.පාසල් අධ්‍යාපනයෙ වැලි පිල්ලේ අකුරු කර ක්‍රමයෙන් ගල් ලෑල්ලට හුරුවූ බව මුල්ම සිසුන්ගෙන් හෙලිදරවු වේ.එවකට ඔවුන්ට ආවේණික වූ රෙදි හැට්ට,සරම් බැනියම්,නිල ඇදුම ලෙස යොදා ගැනිණ.එම වකවානුවේදී පන්සල් සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති ලෙස ජේ.වී. අබේරත්න මහතා කටයුතු කළ බව විවිධ සාධක වලින් හෙලිවේ.

ශ්‍රී බුද්ධ වර්ශ 2041දී නාගොල්ලාගොඩ පාසල් භූමිය සෑදීම පිණිස සොයුරන් සතර දෙනෙකුගේ සහය ඇතිව කුරුදුපොත ඒ.පී.බයියා වෙදතැන විසින් මුදලින් රු 3000 ක් රජය වෙත පරිත්‍යාග කරන ලදි.( ක්‍රි.ව. 127.09.28).බයියා වෙදමහතා විසින් අක්කර 4ක භූමියක් පරිත්‍යාග කිරීමෙන් අනතුරුව ගම් වැසි සියල්ලන්ගේම දෑත් එක් කොට සෑදුනු පොල් අතු මඩුවල දූ දරුවන්ගෙ ඉගෙනුම් ක්‍රියාවලිය කරන්නට ගුරුවරුන් යොදා ගන්නා ලදි.ඔවුන්ගෙ වැටුප් ගෙවූවේ බයියා වෙද මහතාගෙ පෞද්ගලික මුදලිනි.මෙහිදී මුල් ශිෂ්‍යයන් වූයේ කේ.පී.බණ්ඩයියා සහ එල්.සෝමසෙකරයි.මේ කාලයේදී ඉගැන්වූයේ ගහැනු ළමුන් සදහා මල් වැවීම,අත් වැඩ,මැහුම් ද පිරිමි ළමුන් සදහා වතු වැඩ,එළවලු වැවීම,ඉදල් කොසු පාපිසි සෑදීමද වේ.දිවා ආහරය ගම් වැසියන් විසින් සැපයූ බව කියයි.ලොග් වාර්තාවලට අනුව මෙම නාගොල්ලගොඩ මිශ්‍ර පාටශාලාවට වර්ශ 1929 ජූලි මස පළැමුවැනිදා විවෘත කර ඇත.මෙම පාසලේ මුල් ගුරුකමට ජූලි මස 10 වන දින පැමිණ දොලොස් වන දින ප්‍රථම ගුරුවරිය ලෙස රාජකාරි ආරම්භ කළේ පී.එම්.සිසිලියා නෝනා විසිනි.පාසල ආරම්භ වී ඇත්තේ ළමුන් දස දෙනෙකු වැනි සුලු පිරිසකගෙනි.මිශ්‍ර පාසලක් වූ මෙය පියවරෙන් පියවර ප්‍රගතිය කරා පිය නගමින් විදුහල්පතිතුමා ඇතුලු අන් සියලු දෙනාගේම නොපසුබට උත්සාහයක් ලෙස 1949 වර්ෂයේ මෙම විදුහල ඉංග්‍රීසි පාසලක් බවට පත් කෙරිණි.සාමන්‍ය පෙළ පන්ති දක්වා සිංහල හා දෙමළ යන මාධ්‍යන්ගෙන් අධ්‍යාපන් කටයුතු කෙරිණි.1957 දී මහා විද්‍යාලයක් බවට පත් කරමින් උසස් පෙළ පන්ති ආරම්භය දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමට මෙම පාසල් මව සමත් විය.විද්‍යා,ගණිත හා කලා යන විෂයන් තුනෙන්ම සිප් සතර හැදෑරීමට සිසුන් භාග්‍යමත් වූයේ එම කාලයේදීය.
භෞතික හා ගුණාත්මක වර්ධනය සමග වර්ෂ 1951 දී 'colombo plan ostry" ආධාර යටතේ වඩු කාර්මික ඒකකයද 1961 දී විද්‍යාගාර ඉදිකිරීම ද 1965 දී තහඩු ශාල ඉදිකිරීමද 1965 දී බාලාංශ ගොඩනැගිලි ඉදි කිරීමද 1968 දී දන්ත චිකිත්සාගාරයද 1969 දී මධ්‍යම පුස්තකාලයද විද්‍යාලීය ප්‍රගමනයේ සටහන් විය.1994 දී ඔක්තෝබර් 29 වන දින මෙම පාසල් මව මධ්‍ය විද්‍යාලයක් ලෙස බුහුමන් ලබයි.
නිදහස් අධ්‍යාපනයෙන් පසුව පාසල් පද්ධතිය තුළ ඇතිවූ නවෝදයත් සමග සැකසුනු ප්‍රථම නිල ඇදුම කණිෂ්ඨ අංශයේ කලු හෝ කාකි කලිසම ද සුදු කමිසයද සිසුන්ටද, සිසුවියන් සදහා බොක්ස් ප්ලීට් වලින් සෑදුනු සුදු ගවුම සහ රතු ටයි පටියද වේ.ප්‍රථම අතීත ක්‍රීඩා පිටිය තුල සිසු සිසුවියන්ගේ ගැමුණු,පරකුම් හා මහසෙන් නිවාස සෙවනේ තරග වැදුනු බැව් ජේ‍්‍යෂ්ඨ ගුරු මව් පියවරුන් ද පවසයි.මේ පාසලේ පෞරාණික අනන්‍යතාව පිලිබිඹු කරන කැටපත් වන්නෙ කාර්යාල ගොඩනැගිල්ල ඉදීපිට වූ බුලු ගහ වට එතී ගිය වෙල්ලංගිරිය වැලයි.
|
ආරම්භ කළ වර්ෂය |
1927 සැප්තැම්බර් 25 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
B.H.අප්පුහාමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
12 |
|
පාසලේ නම |
නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල පැවැත්වූ ස්ථානය |
නාගොල්ලාගොඩ රජමහා විහාරීය ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
කේ.පී.බණ්ඩයියා |
|
ප්‍රථම ශිෂ්‍යයා භාරගත් වකවානුව |
1929 |








