- කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් තම අනන්‍යතාවය මනාව විදහා පාමින් ඉතාමත් පිළිවෙළකින් හා ක්‍රමවත් බවකින් යුත් නිල ඇදුමකින් සැරසෙති.එහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෙන්වූ නිල ඇදුම් ඇති අතර පාසල බිහිවූ අවදියේ සරමකින් හා බැනියමකින් ද ශිෂ්‍යාවන් රෙදි හැට්ට වලින්ද සැරසී අකුරට ආ බව අතීත පාසල් කතා පුවතෙහි සදහන් වේ.පසුව ක්‍රමයෙන් විකාශනය වී වර්තමාන නිල ඇදුම කොටස් වශයෙන් ගත් කල පහත පරිදි වේ.
පිරිමි ළමුන් (1-9)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- අතෙහි කෙළවර වාටියේ සිට වැලමිට දක්වා අඟල් 4කි.
- බඳ පටිය කොටස අවසන් සීමාව සිපරය සීමාව සිට අඟල් 2 1/2 ක් දුරින් විය යුතුය.
- කලිසමේ යට වාටියේ සීමාව හා දණහිස අතර දුර අඟල් 2කි.
- කළු මේස් හා කළු සපත්තු පැළඳිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


පිරිමි ළමුන් (10-13)
- කොණ්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
- හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි. හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- පාසල් ලාංඡනය සාක්කුවේ දකුණු හා ඉහළ කෙළවර සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- පාසල් ලාංඡනය කමිසයේ වම් පස සාක්කුවේ කෙළවර පැළදිය යුතුය.
- කලු පැහැති ඉන පටිය පැළදිය යුතුය.
- සපත්තු වර්ණය කළු පැහැති විය යුතු අතර, විවිධ මෝස්තර සහිත පාවාහන් පැළදීම නොකළ යුතුය.
- කමිසය වැලමිටට අගල් 4කට වඩා අඩු නොවිය යුතුය.
- කලිසමේ පසුපස සාක්කුව දකුණු පසින් තිබිය යුතුය.
- කලිසමේ පහළ කෙළවර පාවහන් මට්ටමෙන් තිබිය යුතු අතර ඉහළ ඉස්සෙන ආකාරයෙන් පැළදීම නොකළ යුතුය.
- කලිසමේ පහළ කෙළවරවල් සමාන්තර විය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.


ගැහැණු ළමුන් (1-13)
- කොණ්ඩය හිස මැදින් හොදින් පෙනෙන සේ දෙකට බෙදා තිිබිය යුතුය.
- පාසල් ලාංඡනය ගවුමේ දකුණු කෙළවරයට සම්බන්ධ කර මසා තිබිය යුතුය.
- වැලමිට පිහිටන සීමාව ගවුමේ ඉණ පිහිටන සීමාව වේ.
- ගවුම් වාටිය දණහිසේ පහළ සීමාව මත පිහිටිය යුතුය.
- සුදු මේස්, සුදු සපත්තු පැළදිය යුතුය.
- කොණ්ඩය කන නොවැසෙන සේ මනාව පීරා තිබිය යුතුය.
- කොණ්ඩය දෙකට බෙදා පීරා තිබිය යුතුය.
- බද පටිය අගල් 2කට නොවැඩි විය යුතුය.
- ශිෂ්‍ය කරපටිය පැළදීම අනිවාර්ය වේ.
පාසල් කරපටිය
ඇදුමෙහි අංගයක් වූ මෙම ශිෂ්‍ය කරපටිය පාසලේ අනන්‍ය
වර්ණය වූ මෙරූන් වර්ණයෙන්ද , පාසල් ධජයේ පවතින කහ
වර්ණයන්ද නිර්මාණය කර ඇත.
ශිෂ්‍යාවන් පාසලට පැමිණෙන විට මෙම කරපටිය පැළදීම අනිවාර්ය වේ.
2011 – 2014 කාල සීමාවන්හි ශිෂයාවන් පමණක් නොව
ශිෂයයින් ද මෙම කර පටිය පැළද ඇත.
නමුත් කාලයාගේ ඇවෑමෙන් එම සංස්කෘතිය බැහැරව ගොස් ඇත.
ශිෂ්‍ය නිල ලාංඡනය
නිල ඇදුමෙහි වම් පස ඉහළින් වූ සාක්කුව මත ශිෂ්‍ය නිල ලාංඡනය පැළදීම අනිවාර්ය වේ.
ශිෂය නිල ලාංජනයෙහි පසුබිම විදුහලේ අනන්‍ය වර්ණය වූ මෙරූන් වර්ණයෙන් නිර්මාණය කර ඇති අතර විදුහල් නාමය ද, පාසල් ලාංඡනය ද මෙයට ඇතුළත් කර ඇත.











