ශිල්ප සතර දෙමිනී රමණී
නැණ ගුණ දම් බෙලෙනී වොරැදී
ජය ගොස දස දෙස පැතිරී නිසිලෙස
පූජිත වේ විදුහල් මෑණී
රට දැය වැඩුමෙහි වෙර යොදවා
සිසු කැල සිය තුරුලෙහි රදවා
ගත සිත එඩියෙන් යුත් හෙළ විරුවන්
බිහි කළ මැන ලක් මව සනසා
ශිල්ප සතර දෙමිනී රමණී...//
සැනසුම ලබමින් ඔබ සෙවනේ
තබනෙමු විදු නැණ සිප් බදුනේ
නාගොල්ලාගොඩ මැදි විදුහල් මව
සුරකිමු නමදිමු බැති සිතිනී
ශිල්ප සතර දෙමිනී රමණී... //








